Hiru FM News Official Web Site|Sri Lanka News|Sinhala News|Sri lanka breaking News|Sri lanka Latest News|Breaking sports news Sri Lanka|Sri lanka news online|Sri lanka hot news|Sinhala News Online| Sinhala breaking News
2012 මැයි 19 සෙනසුරාදා
ශ්‍රී ලංකා වේලාව - පෙරවරු 01:31


අද ජනමතයෙන්
කිරිපිටි බදු ඉහළ දැමීමෙන් දේශීය කිරිගොවියා රැක ගැනීමේ අරමුණු ඉටුවෙයිද ?
 
තේරීම් කාරක සභාව සහ ජවිපෙ.

Previous Articles...
2012 05 17  සමෘද්ධි භාණ්ඩද ? මුදල්ද ?

2012 05 16  රනිල්ට මහින්ද හමුවෙන්න බැරිද?

2012 05 15  UNP - TNA හවුල

2012 05 14  නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධානය.

2012 05 11  එජාපයට එරෙහිව ජවිපෙ.

2012 05 10  ත්‍රීරෝද රථයක යාමට අවසර ඇත්තේ තිදෙනෙකුට පමණ ද ?

2012 05 09  අධ්‍යාපනයයි - ඇමතිවරුයි.

2012 05 08  විනය හා මහපොළ

2012 05 07  කිරිපිටි මිල වැඩි වීම

2012 05 04  නිදන් හෑරීම.

Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 125.08 130.53
Singapore Dollar 99.78 103.74
Japanese Yen 1.57 1.63
British Pound 202.17 209.03
Swiss Franc 133.53 139.29
American Dollar 126.77 130.63
Euro 160.68 166.84
Indicative Rates
Norwegian Krone   21.48
Korean Won   0.11
Jordan Dinar   181.66
Maldive Island Rufiya   8.36
Bahrain Dinar   341.75
Kuwait Dinar   461.50
Oman Rial   333.74
Qatar Riyal   35.39
Saudi Arabia Riyal   34.35
UAE Dirham   35.08
Rates on 2012-05-19
TAG CLOUD
Sri Lanka News Sinhala News Sri lanka breaking News Sri lanka Latest News Breaking sports news Sri Lanka Sri lanka news online Sri lanka hot news Sinhala News Online Sinhala breaking NewsTamil News Sri Lanka Sri Lanka Tamil News Latest Tamil News Sri Lanka Tamil Sri Lanka Tamil News Updates Tamil Radio News Sri Lanka Sri Lankan Tamil News Tamil Hot News Sri Lanka
Untitled Document

2012 මාර්තු 16 සිකුරාදා- පෙරවරු 08:15

ජිනීවා සමුළුවට ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව අද සමාජයේ දැඩි කතා බහක් ඇතිවෙලා තියෙනවා. පසුගියදා ස්ථාන කිහිපයකදී පැවති රැස්වීම්වලදී විමල් වීරවංශ අමාත්‍යවරයා, ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර දැක්වූ අදහස් අද රසකතා විශේෂාංගය තුලින් ගෙන එනවා.

2012 ජනවාරි 16 සඳුදා- පස්වරු 08:11

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා තම ළමා කාලය පිළිබඳව අතීත ආවර්ජනයක නිරත වුණා. ඒ 2012 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා වැල්ලවාය කුඩාඔය ප‍්‍රාථමික විදුහලේ අද (16) පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී පළමු ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා පැමිණ සිටි කුඩා දරුවන් සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර අපූරු සංවාදයක්ද ඇතිවුණා. නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සිසු දරුවන් අතර ඇතිවූ මෙම සංවාදය සහ ඔහු පළකල අදහස් අද රසකතා විශේෂාංගය තුලින් අප ඔබ වෙත ගෙන එනවා.

2012 ජනවාරි 12 බ්‍රහස්පතින්දා- පස්වරු 08:11

සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේනට දැන් අලූත් රාජකාරියක් මේ දිනවල පැවරී තිබෙනවා. ඒ, සුනඛ ගහණය පාලනය කිරීමේ කටයුත්තයි. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ සුනඛයන් සපා කෑමේ සිද්ධි වැඩිවීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය ගැටළු රැසකට මුහුණ දී ඇති බවයි. ඔහු එහිදී පළ කළ අදහස් මෙම රසකතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 දෙසැම්බර් 28 බදාදා- පෙරවරු 06:30

පසුගියදා අයවැය තෙවන වර කියවීමේ විවාදයේ අවසන් දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පිළිතුරු කතාව අවසන් කළේ රසවත් කතාවක් සභාවට ඉදිරිපත් කරමින්. මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති කරුණු රැසක් ජනාධිපතිවරයා සිය කතාවේදී ඉදිරිපත් කළ අතර, විපක්ෂයේ මන්තී‍්‍රවරුන් අයවැයට දක්වන විරෝධයට ජනාධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේ ජන කතාවක් උදාහරණයට ගනිමින්.

2011 ඔක්තෝබර් 26 බදාදා- පෙරවරු 11:03

වයස අවුරුදු 60 සම්පූර්ණ වන විට ඉතා දියුණු බුද්ධියක් පුද්ගලයෙකු සතු වන බව අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න පෙන්වා දෙනවා. වියපත් වූ විට දුර්වල මනසක් ඇති වන බවට ඇතැමුන් මත පළ කළ ද එය ඇතැම් විට අසත්‍යයක් බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. පසුගිය දා කොළඹ දී පැවැති රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ 29 වැනි සංවත්සර උළෙලට සහභාගි වෙමින් අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න පළ කළ අදහසක් අද රස කතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 සැප්තැම්බර් 16 සිකුරාදා- පෙරවරු 10:30
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා උගන්වනු ලැබූ අපූරු පාඩමක් පිළිබඳව පසුගිය දිනක අපට අසන්නට ලැබුණා. ඉතිහාසය, ප‍්‍රස්ථා පිරුලූ, උපමා, උපමේයන්ද එම පාඩමට අමාත්‍යවරයා විසින් එක් කර තිබීම විශේෂත්වයක්. බිබිල රතුගල ප‍්‍රදේශයේදී වැදි ජනතාව හමුවෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පළකළ මෙම අදහස් අද රසකතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 සැප්තැම්බර් 13 අඟහරුවාදා- පෙරවරු 12:00
උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට තෝරා ගැනීමට ඇති මාවත් 2ක් පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ඊයේ (12) ප‍්‍රකාශ කළා. ඒ අරලියගහ මන්දිරයේදී පැවති ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින්. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා දැක්වූ මෙම අදහස් රස කථා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 සැප්තැම්බර් 07 බදාදා- පෙරවරු 12:00
වන සතුන් පස් පව්වලින් වැළකී ඇති බව ගොවිජන සේවා හා වන ජිවි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුව නිසා වල් අලියා, වන අලියා ලෙස හැදින්වීමට පියවර ගත් බවයි. යාල වනෝද්‍යානයේ කටගමුව පිවිසුම් දොරටුව විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය දා එක්වෙමින් අමාත්‍යවරයා පළ කළ අදහස් අද රස කතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 සැප්තැම්බර් 06 අඟහරුවාදා- පෙරවරු 12:00
අද වනවිට මෙරට වෙළෙඳපොළ තුළ චීන නිෂ්පාදන සැලකිය යුතු මට්ටමකින් ව්‍යාප්ත වී අවසන්. එහෙත් එදා චීන නිෂ්පාදනවලට තිබූ ඉල්ලූම මේ වනවිට වෙළෙදපොළ තුළින් ගිලිහී ගොස් ඇති බව නොරහසක්. චීන නිෂ්පාදනවල වර්තමාන තත්ත්වය ගැන අපූරු පැහැදිලි කිරීමක් චීන ජාතිකයෙකු වන සබරගමුව විශ්වවිද්‍යාලයේ චීන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හව් වෙයිමින් සිදුකළේ, මහ බැංකු පරිශ‍්‍රයේ ඊයේ පැවති චීන කථාව නැමති ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින්. එහිදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පළ කළ අදහස් අද (06) රස කථා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 සැප්තැම්බර් 02 සිකුරාදා- පෙරවරු 12:00
රටේ අධ්‍යාපනයට මග කියන අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා විපක්ෂයට දේශපාලන පාඩමක් කියා දෙනු ලැබුවා. ඒ, සුදුසු උපහැරණ සහ උදාහරණද ගෙනහැර දක්වමින්. පසුගියදා බිබිල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයියා පළ කළ අදහස් අද රසකතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 අගෝස්තු 24 බදාදා- පෙරවරු 12:00
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක දේශපාලන යන ‘ග‍්‍රීස් ගහ’ තරණය කිරීමට ඉගෙන ගත් ආකාරය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අත්තනායක එම්. හේරත් පසුගියදා අපූර්ව විවරණයක නිරත වුණා. ඒ තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයාගේ චරිතාපදානය අලලා සැකසූ ‘‘තිස්ස’’ නම් ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට පසුගිය දා එක්වෙමින්. එහි ප‍්‍රධාන දේශනය සඳහා එක්වූ අත්තනායක එම්. හේරත් පළ කළ අදහස් අද රස කතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 අගෝස්තු 23 අඟහරුවාදා- පෙරවරු 12:00
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය අද දේශපාලන කරළියේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ තමන්ට එල්ල වී ඇති අභියෝගය පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කළේ ඉවසීමේ ඇති වැදගත්කම ද පෙන්වා දෙමින්. ඒ පසුගියදා දිවුලපිටිය ප‍්‍රදේශයේ පැවති ආගමික උත්සවයකදී. කෙසේ වෙතත් ආණ්ඩුවට නම් විපක්ෂ අර්බුදය පෙනෙන්නේ තොවිලයක් ලෙසයි. වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන එක්සත් ජාතික පක්ෂ අර්බුදය මෙලෙස තොවිලයකට සමාන කළේ කළුතර ප‍්‍රදේශයේ පසුගියදා පැවැති උත්සවයකට එක්වෙමින්. විපක්‍ෂ නායකවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා පලකළ අදහස් අද (23) රසකතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 අගෝස්තු 17 බදාදා- පෙරවරු 12:00
මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකා දෙකක් පිළිබඳ ස්ථාන දෙකකදී පක්ෂ විපක්ෂ මත පළ වුණා. එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්තී‍්‍ර විජයපාල හෙට්ටිආරච්චි ගාල්ල ප‍්‍රදේශයේ පසුගියදා පැවති උත්සවයකට එක්වෙමින් හම්බන්තොට වරාය ගැන සිදුකළේ අපූරු පැහැදිලි කිරීමක්. කෙසේ වෙතත් වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කළුතර ප‍්‍රදේශයේ පසුගිය දා පැවැති උත්සවයකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔවුන් දෙදෙනා පළ කළ අදහස් අද රසකතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 අගෝස්තු 15 සඳුදා- පෙරවරු 12:00
එක්සත් ජාතික පක්‍ෂ පාලනය යටතේ පවතින කොළොන්නාව සහ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා දෙකෙහි ඩෙංගු මර්දනය සඳහා ගෙන ඇති පියවර ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ විවේචනයට ලක්වුණා. ඒ පසුගියදා කොළොන්නාව නගරයේදී පැවති උත්සවයකදීයි. ඩෙංගු මර්දනය සඳහා වගකීම ඇති මෙම නගර සභාවල වගකිව යුත්තන් තම වගකීම් නිසි පරිදි ඉටු නොකිරීම නිසා ඉදිරියේදී අත්වන ඉරණම ද ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පැහැදිලි කළා. මන්තී‍්‍රවරයා එහිදී දැක්වූ අදහස් අද රසකතා තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 අගෝස්තු 12 සිකුරාදා- පෙරවරු 09:51
30 වසරක යුද්ධයෙන් පසු රටේ ජනතාව යළි සතුටින් ජීවත් වන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා පවසනවා. එහෙත් එය මැනීමට දර්ශකයක් මේ වනතෙක් සොයාගෙන නැහැ. එම නිසා සතුට මැන ගැනීමට දර්ශකයක් නොමැති නිසා ඇමති ෆීලික්ස් පෙරේරා සතුට විවිධ පුද්ගලයන්ට දැනෙන ආකාරයන් පිළිබඳව පැහැදිලි කළා. ගලගෙදර ප‍්‍රදේශයේ පසුගියදා පැවති උත්සවයකට එක් වූ අමාත්‍යවරයා සතුට මනින ආකාරය පිළිබඳව පළ කළ අදහස් අද රසකතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 අගෝස්තු 10 බදාදා- පෙරවරු 12:00
සංවර්ධනය අද දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානතම මාතෘකාවක්. රජයේ සංවර්ධන කි‍්‍රයාදාමයන් ඇතැම් අවස්ථාවල විපක්ෂයේ විවේචනයටද ලක්වනවා. එහෙත් රජය සිදුකරන සංවර්ධනය ජනතාවට ඒත්තු ගැන්වීමට මැති ඇමතිවරු විවිධ උත්සාහයන් දරන ආකාරය ද අපට දැක ගත හැකියි. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පසුගියදා බිබිල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රජය සිදුකරන සංවර්ධන කි‍්‍රයාදාමයන් ජනතාවට පැහැදිලි කළ ආකාරය අද රසකතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 අගෝස්තු 09 අඟහරුවාදා- පෙරවරු 12:00
හම්බන්තොට වරාය පිළිබඳ දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වනවා. විශේෂයෙන්ම එම වරායට නැව් පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් පසුගිය කාලය පුරාම සිය අදහස් පළකළා. පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර හම්බන්තොට වරායට පැමිණි නැවක් පිළිබඳව සිදුකළ ප‍්‍රකාශයකට වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ලබාදුන් පිළිතුර අද (09) රසකතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 අගෝස්තු 05 සිකුරාදා- පෙරවරු 12:00
ගමට ගිය පසු ජනතාවගේ ඉල්ලීම්වල නිමක් නොමැති බව ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා. ප‍්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ එම ඉල්ලීම් කොතෙකුත් ඉටුකළද, ජනතාවගෙන් ඊට නිසි ප‍්‍රශංසාවක් නොලැබෙන බවයි. මොණරාගල - ඔබ්බේගොඩ ප‍්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකදී ප‍්‍රධාන අමාත්‍යවරයා පළ කළ අදහස් අද (05) රසකතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 අගෝස්තු 03 බදාදා- පෙරවරු 11:40
2011 උසස් පෙළ විභාගය මේ මස 08 වැනිදා පැවැත්වීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් ගැන තංගල්ල ප‍්‍රදේශයේ ඊයේ (02) පැවති පිරිවෙන් ගුරුවරුන්ගේ සමුළුවකට එක්වෙමින් අදහස් පළ කළා. එහිදී විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලබන සිසුන්ට අත්වන ඉරණම පිළිබඳවද අමාත්‍යවරයා එහිදී අදහස් දක්වා සිටියා. අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී ගෙනහැර දැක්වු කරුණු අද රසකතා විශේෂාංගය තුළින් අද ඔබ වෙත ගෙන එනවා.

2011 අගෝස්තු 01 සඳුදා- පෙරවරු 09:46
කලකට පසු මන්ති‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම පුවත් මවන්නෙකු බවට පත්වුණා. එහි ආසන්නතම සිදුවීම වාර්තා වුණේ ගාල්ල බස් නැවතුම් පලෙන්. නවීකරණය කළ ගාල්ල බස් නැවතුම්පල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කර දින කිහිපයකට පසු මන්ති‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම එහි යකඩ වැටක කොටසක් කපා ඉවත් කළේ රියදුරන් ආරම්භ කර තිබූ වැඩ වර්ජනයකට පිළිතුරක් ලෙසයි. පසුව එම කි‍්‍රයාව ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වුණා. තවමත් ඒ පිළිබඳ කතාබහ නැතුවාම නොවේ. දකුණු පළාත් සභා මන්ති‍්‍ර පුජ්‍ය බද්දේගම සමිත හිමියන් සහ මන්ති‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම අතර ද මේ පිළිබඳ ස්ථාන දෙකකදී අදහස් හුවමාරු වුණා. එම අදහස් අද රස කතා විශේෂාංගය තුළින් ගෙන එනවා.

2011 ජූලි 29 සිකුරාදා- පෙරවරු 09:51
විපක්ෂ නායකවරයාගේ නිල රථයේ එන්ජිම කි‍්‍රයා විරහිත වීම දේශපාලන වේදිකාවේ තවදුරටත් කතාබහට ලක්වන ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්වෙමින් පවතිනවා. වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනද, විපක්ෂ නායකවරයාගේ නිල රථයේ එන්ජිම පිළිබඳව පසුගියදා කළුතර පැවති උත්සවයකදී මෙවැනි අදහසක් පළ කළා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය උපමා කළේ මුහුදේ ගිලෙන නැවකටයි. නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පළ කළ අදහස් අද (29) රසකතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 ජූලි 27 බදාදා- පස්වරු 03:24
ජපාන හිටපු අග‍්‍රාමාත්‍ය යසුවා ෆුකුඩා පසුගියදා දිවයිනට පැමිණියා. ඔහු වෙනුවෙන් කොළඹ පැවැති රාති‍්‍ර භෝජන සංග‍්‍රහයකදී හිටපු අගමැතිවරයා අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන සමග සුහද කතා බහක නිරත වුණා. ඒ, භෝජන සංග‍්‍රහයට පෙර පැවැති දර්ශනීය බෙර වාදනයක් පිළිබඳවයි. අවසානයේ මේ කතා බහ නිමාවට පත්වුණේ අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන විරිදු ගායනයකින් අනතුරුවයි. ඒ පිළිබඳව අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන කොළඹ ඊයේ (26) පැවැති උත්සවයකදී අදහස් පළ කළා. අද රස කතා විශේෂාංගය තුළින් ගෙන එන්නේ එම විරුදු ගායනය පිළිබඳවයි.

2011 ජූලි 26 අඟහරුවාදා- පස්වරු 02:52
බාල පෙට‍්‍රල් භාවිතයෙන් තම නිල රථයේ එන්ජිමට හානි සිදුවූ බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පසුගියදා ප‍්‍රකාශ කළා. එම ප‍්‍රකාශයත් සමගම එක්සත් ජාතික පක්‍ෂයේ එන්ජිම අබලන් වී ඇති බවයි රජයේ අමාත්‍යවරයෙකු සඳහන් කළේ. මැති ඇමතිවරුන්ගේ මෙම වාග් ප‍්‍රහාර හේතුවෙන් එන්ජිම නැමති මාතෘකාව දැන් කරළියට පැමිණ තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්‍ෂයේ එන්ජිම ගැන ස්ථාන 2 කදී සිදුකළ කතා අද (26) රසකතා විශේෂාංගය තුළින් ගෙන එනවා.

2011 ජූලි 25 සඳුදා- පෙරවරු 09:49
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා තම අමාත්‍යංශයේ කාර්යභාරය සමාන කළේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ කාර්යභාරයකටයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් වූ පැනයකට පිළිතුරු ලෙසයි. එහිදී ඇති වූ සංවාදය අද (25) රසකතා විශේෂාංගය තුළින් ගෙන එනවා.

2011 ජූලි 22 සිකුරාදා- පස්වරු 04:41
හලාවත නස්රියා මුස්ලිම් මහා විද්‍යාලයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් පසුගියදා පැවැති උත්සවයක ප‍්‍රධාන ආරාධිතයා ලෙස අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන එක්ව සිටියා. එහිදී එම මුස්ලිම් විද්‍යාලයේ සිසුන් අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ දමිළ ගීතයකට නර්ථනයක්ද ඉදිරිපත් කරමින්. අමාත්‍යවරයා ඒ දෙස ඉතා උනන්දුවෙන් බලා සිට පසුව සභාව ඇමතීම සදහා පැමිණි අවස්ථාවේදී අතීතයේ මෙරට සිදුවු බියකරු සිදුවීම්ද සිහිපත් කරනු ලැබුවා. අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී සිදුකළ කතාව අද රසකතා තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 ජූලි 21 බ්‍රහස්පතින්දා- පෙරවරු 09:12
වත්මන් සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මීට පෙර කටයුතු කළේ, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසයි. ඔහු කෘෂිකර්ම ඇමතිව සිටියදී තුන්වේලම බත් කන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා. එහෙත්, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමන් එදා සිදුකළ ප‍්‍රකාශය අද (21) සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිදුකළ නොහැකි බවයි ඔහු කියා සිටියේ. බෝ නොවන රෝග පිළිබඳව පසුගියදා කොළඹ පැවති සම්මන්ත‍්‍රණයකදී අදහස් දැක්වූ මෛතී‍්‍රපාල සිරිසේන අමාත්‍යවරයා කෘෂිකර්ම සහ සෞඛ්‍ය යන ඇමති පදවිවල වෙනස පැහැදිලි කළ ආකාරය අද (21) රසකතා තුළින් ඔබ වෙත ගෙන එනවා..

2011 ජූලි 20 බදාදා- පස්වරු 06:54
ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ කලකට පසු ප‍්‍රසිද්ධ වේදිකාව පෙනී සිටියා. ඒ මැතිවරණයට අදාළව පිළියන්දල නගරයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ අවසන් ප‍්‍රචාරක රැළිය ඇමතීම සඳහායි. කවදත් වේදිකාවේ අමුතු අදහස් ප‍්‍රකාශ කරන ජවිපෙ නායකයා එදින කතා කළේද කි‍්‍රකට් කී‍්‍රඩාව උපමා කරගනිමින් මැතිවරණය පිළිබඳවයි. සෝමවංශ අමරසිංහගේ මෙම ප‍්‍රකාශයට කි‍්‍රකට් විස්තර විචාරක ඒ. එච්. එම්. අස්වර් මන්තී‍්‍රවරයා ද පිළිතුරු ලබා දුන්නා. අද (20) රසකතා තුලින් ගෙන එන්නේ ජවිපෙ නායකයා සහ අස්වර් මන්තී‍්‍රවරයා සිදු කළ කි‍්‍රකට් විස්තර විචාරයයි.

2011 ජූලි 19 අඟහරුවාදා- පෙරවරු 10:01
එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර පසුගියදා හලාවත ප‍්‍රදේශයේ පැවැති රැස්වීමකදී අපූරු කතාවක් කළා. එහීදී රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයාගේ කතානායිකාව බවට පත් වූයේ දුෂ්කර පළාතක සේවයට පැමිණි පාසල් ගුරුවරියක්. ඉතා රසවත් අයුරින් රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයා තමන්ගේ කතාව අවසන් කළ පසු අදහස් දක්වන්නට එක් වූයේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාසයි. ඒ රසවත් කතාව කියූ පාලිත රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයා ගැන ද සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා මෙහිදී අදහසක් ඉදිරිපත් කළා. එම මන්තී‍්‍රවරුන් දෙදෙනා එක්ව සිදුකළ කතාව අද රස කතා තුළින් ගෙන එනවා.

2011 ජූලි 18 සඳුදා- පෙරවරු 09:02
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට පසුගිය දිනක ඇබැද්දියකට මුහුණ දීමට සිදුවුණා. එමෙන්ම තම මිතුරෙකුට ද ඒ හා සමාන ඇබැද්දියකට මුහුණ දීමට සිදුව ඇති බවයි ඔහු කියා සිටියේ. මෙම අපහසුතාවයන්ට හේතු වී ඇත්තේ අපවිත‍්‍ර පෙට‍්‍රල් භාවිතයයි.
තමාට සහ තම මිතුරාට සිදුවූ අපහසුතාවය විපක්ෂ නායකවරයා පැහැදිලි කළේ වරකාපොල නගරයේ ඊයේ පැවැති ජන හමුවකදීයි. විපක්ෂ නායකවරයාගේ මෙම පැහැදිලි කිරීම අද රස කතා තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 ජූලි 15 සිකුරාදා- පස්වරු 12:33
කලක් පුවත් මවන්නෙකු බවට පත්ව සිටි අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය කාලය තුළ දැඩි නිහැඬියාවක ගැලී සිටියා. එහෙත් කිරිබත්ගොඩ නව සතිපොළ, වෙළඳ කටයුතු සඳහා විවෘත කිරීමේ උත්සවයට පසුගියදා එක් වූ අමාත්‍යවරයා සිය නිහැඬියාව බිඳ දැම්මා. නව සතිපොළේ වෙළඳසැල් පිළිබඳ වෙළෙන්ඳන්ට ප‍්‍රශ්න කිරීමේ අවස්ථාවද එහිදී ලබා දී තිබුණා.
එම අවස්ථාවේදී ප‍්‍රශ්නයකට දුන් පිළිතුර වෙළෙන්ඳෙකුට නොතේරීම පිළිබඳව සඳහනක් කළ අමාත්‍යවරයා ඔහුව එවේලේම මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමටද කටයුතු කළා. ගස් බැඳීමේ විධි ක‍්‍රමය අතහැර දමා ඇතැයි කී, මර්වින් සිල්වා අමාත්‍යවරයා වරදකරුවන්ට ලබාදෙන නව දඬුවම් ක‍්‍රමයක්ද මෙහිදී හඳුන්වා දුන්නා. අද රසකතා තුළින් ගෙන එන්නේ අමාත්‍ය මර්වින් සිල්වා කිරිබත්ගොඩදී කළ එම කතාවයි.

2011 ජූලි 13 බදාදා- පෙරවරු 09:38
අභාවප‍්‍රාප්ත මන්තී‍්‍රවරුන් පිළිබඳව ශෝක යෝජනා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී සාකච්ජාවට ගැනුණා. එලෙස ශෝක යෝජනා පළ කරන අවස්ථාවේ අතීතයේ මෙරට දේශපාලනයේ සිදුවූ රසවත් සිදුවීම් ද ඒ අතර හෙළිදරව් වුණා. ඒ අනුව පාර්ලිමේන්තුවේදී අභාවප‍්‍රාප්ත පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධර්මදාස වන්නිආරච්චි පිළිබදව ශෝක යෝජනාව ගෙන එන අවස්ථාවේදී අතීත සිදුවීමක් සිහිපත් කළේ අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්නයි. අග‍්‍රාමාත්‍යවරයාගේ එම ප‍්‍රකාශය අද (13) රසකතා විශේෂාංගය තුළින් ඔබ වෙත ගෙන එනවා.

2011 ජූලි 12 අඟහරුවාදා- පස්වරු 04:34
දෙහිවල ගුවන් පාලම මතින් බර වාහන ගමන් කිරීම තහනම් කිරීම පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇති වුණා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළා.
ඊට පිළිතුරු ලබාදුන්නේ වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවලයි.
රසවත් වූ මෙම සංවාදය අතරතුර ව්‍යංගයෙන් යම් යම් දේ නොකිව්වාද නොවෙයි. මේ, එම සංවාදය ඇතුළත් රසකතා විශේෂාංගයයි.

2011 ජූලි 12 අඟහරුවාදා- පස්වරු 04:12

දේශපාලන වේදිකාවේ එකිනෙකා විවේචනය කර ගන්නා අවස්ථා මෙන්ම, උපහාසාත්මක ප‍්‍රකාශක ද නැතුවාම නොවේ.
එවැනි රසවත් ප‍්‍රකාශ එක්තැන් කර ඔබ වෙත ගෙන ඒමට හිරු ප‍්‍රවෘත්ති අංශය තීරණය කළා.
පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත්වීමත් සමග මනාප පිළිබඳ තරගයත් යළි කරලියට පැමිණ තිබෙනවා.
එහි ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ කඩුවෙල ප‍්‍රදේශයෙන්. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ පසුගියදා කඩුවෙල නගරයේ උද්ඝෝෂණයක නිරත වුණේ එම ප‍්‍රදේශයේ සිදුවන මැර කි‍්‍රයාවන්ට විරෝධය පළ කරමින්.
කඩුවෙල ප‍්‍රදේශයේ ම පසුගිය සෙනසුරාදා පැවැති ජන හමුවකදී එම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජී.එච්. බුද්ධදාස ඊට පිළිතුරු ලබාදුන්නා. එම අවස්ථාවන් දෙකෙහි පළ වූ රසවත් අදහස් කිහිපයක් ඇතුළත් රස කතා විශේෂාංගයයි මේ.