රංගන හේරත් දෙවන ටෙස්ට් තරඟයට.

Friday, 02 January 2015 - 8:48

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7.
වෙලින්ටන් හිදී හෙට ආරම්භ වන ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. කායික ආබාධයකට ලක්වීම නිසා ඔහු ශ්‍රී ලංකාව කඩුලූ 8 ක පරාජයක් ලැබූ පළමු ටෙස්ට් තරඟය සඳහා සහභාගි වූයේ නැහැ. රංගන හේරත් කණ්ඩායමට එක්වීම විශේෂයෙන් වැදගත් වන්නේ ඔහු නවසීලන්තයට එරෙහිව ඉහළ ප්‍රතිඵල නෙළාගෙන තිබීම හේතුවෙන්. නවසීලන්තයට එරෙහිව පැවති තරඟ 4 කදී රංගන හේරත්ගේ පන්දු යැවීමේ සාමාන්‍යය 19.58 ක්.