නවසීලන්තය 113ක් පිටුපසින්.

Sunday, 04 January 2015 - 19:17

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+113%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.
ශ්‍රී ලංකාව සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද (04)  නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 22ක් ලබා සිටියා. නවසීලන්තය පළමු ඉනිම සඳහා ලබා ගත්තේ ලකුණු 221ක් පමණයි. ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 356 ක් ලබා ගත් අතර කුමාර් සංගක්කාර එහිදී තම 11 වන ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළා. ඒ අනුව ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ද්විත්ව ශතක සංඛ්‍යාවක් ලබා සිටින ශ්‍රීමත් දොන් බ්‍රැඞ්මන්ගේ වාර්තාව සම කිරීම සඳහා සංගක්කාරට අවශ්‍ය වන්නේ තවත් එක් ද්විත්ව ශතකයක් පමණයි.