තුන්වන දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 118ක් ඉදිරියෙන්.

Monday, 05 January 2015 - 19:26

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+118%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය නිමා වන විට නවසීලන්තය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 5ක් දැවී ලකුණු 253ක් ලබා සිටියා. නවසීලන්තය මුල් ඉනිම සඳහා ලකුණු 221ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව ලකුණු 356ක් රැස් කළා. නවසීලන්තය දෙවන ඉනිමේ කඩුලූ 5ක් අතැතිව ලකුණු 118ක් ඉදිරියෙන් සිටිනවා. හෙට තරඟයේ 4 වන දිනයයි.

මේ අතර, සංචාරක ඉන්දීය පිළ සහ  ඕස්ට්‍රේලියාව අතර 4 වන සහ අවසාන ටෙස්ට් තරඟය සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා. මහේන්ද්‍ර සිං දෝනි ද ටෙස්ට් පිටියෙන් සමු ගැනීමෙන් පසු ඉන්දියාව මුහුණ දෙන පළමු ටෙස්ට් තරගය මෙයයි. මෙම තරඟයේදී ඉන්දීය පිළ මෙහෙය වන්නේ විරාට් කෝලි. දෝනි තුවාල ලැබීම නිසා පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දැරුවේ ද ඔහුයි. තරඟාවලියේ දෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ  ඕස්ට්‍රේලියාවයි.