නවසීලන්තය 524/5යි.

Tuesday, 06 January 2015 - 10:01

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+524%2F5%E0%B6%BA%E0%B7%92.
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම කඩුලූ 5කට ලකුණු 524ක් ලබා සිටියදී අත්හිටුවීමට නවසීලන්තය තීරණය කළා. එහිදී කේන් විලියම්සන් නොදැවී ලකුණු 242ක් රැස් කළ අතර, බී.ජේ. වොට්ලින් නොදැවී ලකුණු 142ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා ටෙස්ට් ඉනිමක 6 වන කඩුල්ල සඳහා ලකුණු 365ක නව වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුණා. නවසීලන්තය පළමු ඉනිමේදී ලකුණු 221ක් ලැබූ අතර ශ්‍රී ලංකාව ලකුණු 356ක් රැස් කළා. මේ අනුව ශ්‍රී ලංකා පිළට දෙවන ඉනිමේදී ලැබී ඇති ඉලක්කය ලකුණු 390ක්.