ලෝක කුසලානයට ඉන්දියාවේ 15 හරියි.

Tuesday, 06 January 2015 - 17:24

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+15+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%92.
ලබන මාසයේ ඇරඹෙන 2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව සිය කණ්ඩායම අද නම් කළා. දෝනිගේ නායකත්වය යටතේ 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයෙහි උපනායකත්වය විරාත් කොලිට හිමිව ඇත.

මෙහි විශේෂත්වයක් වන්නේ ගියවර ලෝක කුසලානය ඉන්දියාවට ලබාදීමට සිය කැපවීම උපරිමයෙන් ලබා දුන් යුවරාජ් සිං හා ගෞතම් ගාම්භීර් ගේ නම්  මෙම ලයිස්තුවේ නොතිබීමයි.

නම් ලැයිස්තුව පහත පරිදිය.

මහේන්ද්‍ර සිං දෝනි - නායක,කඩුලු රකින්නා
ශිකර් ධවාන්
රෝහිත් ශර්මා
අජින්ක්‍යා රහානි
විරාත් කෝලි - උපනායක
සුරේෂ් රයිනා
අම්බති රයිදු
රවින්ද්‍ර ජඩේජා
අශ්වින්
අක්ෂර් පටෙල්
භුවනේශ්වර් කුමාර්
ඉශාන්ත් ශර්මා
මොහොමඩ් ශාමි
බිනි
උමේෂ් යාදව්