%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+345+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.
Tuesday, 06 January 2015 - 19:22
ශ්‍රී ලංකාව 345 ක් පිටුපසින්.
15

Shares
1,802

Views
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රාහී ලකුණු 390 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය නිමාකරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 45 ක් ලබා සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ ජය හිමිකරගැනීමට නම් අවසාන දිනය වූ හෙට දිනය තුළ තවත් ලකුණු 345 ක් ලබාගත යුතුයි.

සිය දෙවන ඉනිම කඩුලූ 5ක් දැවී ලකුණු 524ක් ලබා සිටියදී අත්හිටුවීමට නවසීලන්ත කණ්ඩායම අද තීරණය කළා. එහිදී කේන් විලියම්සන් නොදැවී ලකුණු 242ක් රැස් කළ අතර, බී.ජේ. වොට්ලින් නොදැවී ලකුණු 142ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා ටෙස්ට් ඉනිමක 6 වන කඩුල්ල සඳහා ලකුණු 365ක නව වාර්තාවක් පිහිටුවීමට ද සමත් වීම විශේෂත්වයක්. නවසීලන්තය පළමු ඉනිමේදී ලකුණු 221ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව ලකුණු 356ක් රැස් කළා. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් නවසීලන්ත දෙවන ඉනිමේ කඩුලූ 3 ක් බිද හෙලූවා. රංගන හේරත් සහ ධම්මික ප්‍රසාද් එක් කඩුල්ල බැගින් ලබාගත්තා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE