%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.
Wednesday, 07 January 2015 - 8:38
නවසීලන්තයට ජය.
22

Shares
2,667

Views
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ලකුණු 193 කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා. ඒ අනුව, දෙකට බින්දුවක් ලෙස තරඟ දෙකකින් සමන්විත මෙම තරඟාවලියේ ජය ද හිමිකර ගත්තේ නවසීලන්ත කණ්ඩායමයි.

වෙලින්ටන්හි පැවති තරඟයේ නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 221 ක්. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී සියලූදෙනා දැවී ලකුණු 356 ක් රැස් කළේ කුමාර සංගක්කාරගේ අගනා ද්විත්ව ශතකයත් සමඟයි. කෙසේ වෙතත්, නවසීලන්තය සිය දෙවන ඉනිම සඳහා ලකුණු 524 ක් රැස් කළා. කේන් විලියම්සන් එහිදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 242 ක්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 390ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවුණා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 196 කට සීමා වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 62 ක් ද, කෞෂාල් සිල්වා ලකුණු 50 ක් ද ලබා ගත්තා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, තරඟ 7 කින් සමන්විත එක්දින තරඟවලිය 11 වැනිදා ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE