%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+7%2F572
Thursday, 08 January 2015 - 14:24
ඕස්ට්‍රේලියාව 7/572
16

Shares
1,989

Views
සංචාරක ඉන්දීය පිල සහ  ඕස්ට්‍රේලියාව අතර, සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 4 වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ 3 වන දිනය වන අද (08) ජේන් මැග්රාත් දිනය ලෙස නම් කර තිබෙනවා. මේ නිසා කඩුලූ ඇතුළු ක්‍රීඩාංගනයේ සියලූ අංගපාහේ රෝස පැහැ ගන්වා ඇති අතර, නරඹන්නන් ද රෝස පැහැයට මුල් තැනක් දී ඇති බව දක්නට ලැබුණා. ජේන් මැග්රාත්  ඕස්ට්‍රේලියාවේ ප්‍රවීන වේගපන්දු යවන ක්‍රීඩක ග්ලෙන් මැග්රාත් ගේ බිරිඳයි. දස වසරක් පමණ පියයුරු පිළිකාවකින් පීඩා විඳි ඇය වයස අවුරුදු 42 ක්ව සිටියදී 2008 වසරේදී මියගියා. ඉන් අනතුරුව, මැග්රාත් පදනම පිහිටුවාගනු ලැබූයේ පියයුරු පිළිකාවලින් පීඩා විඳින කාන්තාවන්ට වෛද්‍ය පහසුකම් සැපයීමේ පුන්‍යායතනයක් ලෙසයි. අද ජේන් මැග්රාත් දිනය සැමරීමට ග්ලෙන් මැග්රාත් සිය දරුවන් දෙදෙනා සමග රෝස පැහැයෙන් සැරසී සිඞ්නි ක්‍රීඩාංගනයට පැමිණියා.

මේ අතර,  ඕස්ට්‍රේලියාව මුල් ඉනිම සඳහා කඩුලූ 7 ක් දැවී ලබා ගත් ලකුණු 572 ට පිළිතුරු ලෙස, ඉන්දියාව මීට සුළු වේලාවකට පෙර කඩුලූ 5 ක් දැවී ලකුණු 342 ක් ලබා සිටියා. ලෝකේෂ් රාහුල් ඉන්දියාව වෙනුවෙන් ලකුණු 110 ක් රැස් කළ අතර, විරාට් කෝලි නොදැවී ලකුණු 140 ක් ලබා සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE