%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+348+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
Friday, 09 January 2015 - 14:38
ඕස්ට්‍රේලියාව ලකුණු 348 ක් ඉදිරියෙන්.
13

Shares
1,565

Views
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ  ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 4 වන ටෙස්ට් තරගයේ හතර වන දිනය වන අද (09) දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන  ඕස්ට්‍රේලියාව දිනය නිමාවන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 251 ක් ලබා සිටියා.  ඕස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා කඩුලූ 7 ක් දැවී ලබා ගත් ලකුණු 572 ට පිළිතුරු ලෙස ඉන්දියාව මුල් ඉනිම සඳහා ලකුණු 475 ක් රැස් කළා. ඉන්දීය පිලේ නායකත්වයට පත්වූ විරාට් කෝලි එහිදී  ඕස්ට්‍රේලියානු සංචාරයේ තම 4 වන ශතකය වාර්තා කළ අතර ඔහු දැවී ගියේ ලකුණු 147 කටයි. තම මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙමින් ලෝකේෂ් රාහුල් ලකුණු 110 ක් ලබා ගත්තා. තරගාවලියේ දෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ  ඕස්ට්‍රේලියාවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE