%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.
Friday, 09 January 2015 - 19:36
පාකිස්තාන කාන්තා පිළට ජය.
11

Shares
1,374

Views
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා හි අද (09) පැවැති අයි.සී.සී. කාන්තා ක්‍රිකට් තරඟයෙන් පාකිස්තාන කාන්තා ක්‍රිකට් පිළ ජයග්‍රහණය කළා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ සිය පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 178ක් රැස් කළා. නායිකා චමරි අතපත්තු ලකුණු 49ක් ලබා ගත් අතර දිලානි සුරංගිකා ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වුණා. පාකිස්තාන කාන්තා ක්‍රිකට් පිළ 49 වන පන්දු වාරයේදී කඩුලූ 5ක් දැවී ලකුණු 180ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE