ඩිල්ෂාන්ගෙන් ශතකයක්.

Thursday, 15 January 2015 - 13:35

%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වන විට පැවැත්වෙමින් තිබෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේදි සිය 19 වැනි එක්දින ශතකය වාර්තා කිරීමට තිලකරත්න දිල්ෂාන්  සමත්වුණා. දිල්ෂාන් පන්දු 127කට පහරදෙමින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 116ක්. ඊට හතරේ පහර 17ක්ද අයත්. තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 4ක් දැවී ලබංගෙන සිටින ලකුණු සංඛ්‍යාව 237ක්. ඒ අනුව ලක් පිතිකරුවන්ට ජයග්‍රහණයට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 12ක් පමණයි. ඊට කඩුළු 6ක් සහ පන්දු 27ක් අතැතිවයි ලක් පිතිකරුවන් පන්දුවට පහරදෙනු ලබන්නේ. නවසීලන්ත කණ්ඩායම වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 248ක්.