ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් පිලට ජය.

Friday, 16 January 2015 - 8:46

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.
පාකිස්ථානය සමඟ පැවති පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 8 ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඊයේ (15) සමත් වුණා. සාජාහි පැවති මෙම තරඟයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සිය පන්දුවාර 20 තුලදී කඩුලූ 5 ක් දැවී ලකුණු 151 ක් රැස් කළා. ඩිලානි මනෝදරා එහිදී නොදැවී ලකුණු 50 ක් රැස් කළ අතර, නායිකා චමරි අතපත්තු ලකුණු 31 ක් ලබා ගත්තා. පාකිස්ථාන කාන්තා ක්‍රිකට් පිල සිය පන්දුවාර 20 තුලදී කඩුලූ 8 ක් දැවී ලබා ගත්තේ ලකුණු 143 ක් පමණයි. ඉනෝකා රණවීර සහ අමා කාංචනා එහිදී කඩුලූ 2 බැගින් ලබා ගත්තා. මේ අනුව, ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟ 3 කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලයි.