අපේ 6ක් ලෝක කුසලාන මෙහෙයුම්වල

Friday, 30 January 2015 - 20:01

%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD
ලබන මාසයේ පැවැත්වෙන අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු තරඟ තීරකවරුන් මෙන්ම විනිසුරුවරුන් ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. ඒ අනුව රංජන් මඩුගල්ල සහ රොශාන් මහානාම මෙම තරගාවලියේ තරඟ තීරකවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතයි. කුමාර ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රැන්මෝ මාටිනස් විනිසුරුවරුන් ලෙස තරගාවලියට එක්වන අතර පීටර් මැනුවෙල් විනිසුරු උපදේශකවරයෙකු ලෙස නම් කර තිබෙනවා.