එංගලන්ත - ඕස්ට්‍රේලියා අවසන් තරඟය ඇරඹේ

Sunday, 01 February 2015 - 13:32

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+-++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ අවසන් මහා තරඟය පර්ත් නුවරදී දැන් ආරම්භ වී තිබෙනවා. මෙම තරඟය පැවැත්වෙන්නේ එංගලන්තය සහ  ඕස්ට්‍රේලියාව අතරයි. සිකුරාදා එංගලන්තය සමග පැවති තරඟයෙන් පරාජය වීම නිසා ඉන්දියාවට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා. අර්ධ අවසන් තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස  ඕස්ට්‍රේලියාවට ඇරයුම් කළා.  ඕස්ට්‍රේලියානු පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 278 ක්  රැස් කළා. ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 95 ක් ලබාගත් අතර මිචෙල් මාෂ් ලකුණු 60 ක් ලබාගැනීමට සමත්වුණා. ජේම්ස් ෆෝල්ක්නර් නොදැවී ලකුණු 50 යි.