සිඞ්නි නුවර ප්‍රථම ලෝක කුසලාන ගැටුම අද

Friday, 27 February 2015 - 7:55

%E0%B7%83%E0%B7%92%E0%B6%9E%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී  ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවර පැවැත්වෙන ප්‍රථම තරඟය අද (27) පැවැත්වෙන්නේ ප්‍රබල කණ්ඩායම් දෙකක් වන දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි. බටහිර ඉන්දීය කොදෙව් පිල මේ වනවිට තරඟ 3 කින් දෙකක් ජය ලබා බී කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා සිටිනවා. තරඟ දෙකකින් එක් තරඟයක් ජය ලැබූ දකුණු අප්‍රිකානු පිල මුහුණ දෙන තුන්වන තරඟය මෙයයි. සිම්බාබ්වේ පිල සමඟ පැවති පසුගිය තරඟයේදී ලෝක කුසලාන තරඟ වාර්තාවක් පිහිටවූ ක්‍රිස් ගේල් ගේ පිතිහරඹය මෙල්ල කිරීම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අද මුහුණ දෙන ප්‍රධාන අභියෝගයයි.