දකුණු අප්‍රිකාවට තවත් සුපිරි ජයක්

Tuesday, 03 March 2015 - 19:55

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය අතර අද පැවති තරඟය ලකුණු 201 කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 411 ක්. එහිදී හෂීම් අම්ලා ලකුණු 159 ක් ලබාගත්තා. ලකුණු 412 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දු වාර 45 කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 210 ක් පමණයි.