දෝනිගේ නිවසට දැඩි ආරක්ෂාවක්

Friday, 27 March 2015 - 8:42

%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේදී ඉන්දියාව,  ඕස්ට්‍රේලියාව අතින් පරාජයට පත්වීමත් සමඟ ඉන්දියාව පුරා ක්‍රීඩාලෝලීන් දැඩි සේ කුපිත වූ බව එරට මාධ්‍ය වාර්තා කළා. ඔවුන් ඉන්දීය පිලේ ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් මුද්‍රණය කර තිබූ පෝස්ටර් පුළුස්සා දැමූ අතර, රූපවාහිිනි යන්ත්‍ර පවා පොළොවේ ගැසූ බවයි වාර්තා වන්නේ. ආගර්තාලා, ගයා, මුසාෆපූර්, අරුන්ගාබාද්, පට්නා සහ බෙගුසරායි ප්‍රදේශවල කලහකාරි සිද්ධීන් රැසක් ද වාර්තා වූ බව සඳහන්. ඉන්දීය පිලේ පරාජයත් සමඟ නායක මහේන්ද්‍රසිං දෝනිගේ, රංචි ප්‍රදේශයේ පිහිටි නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදීමට ද කටයුතු යොදා තිබුණා.





\"\"

\"\"

\"\"

\"\"

\"\"