Update: කැන්ගරුවෝ 50 පන්නති

Sunday, 29 March 2015 - 8:55

Update%3A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D+50+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%92
පන්දුවාර 9 යි පන්දු දෙකක දී කැන්ගරුවන් ලකුණු 50යි. එක කඩුල්ලයි

Update : Sanday, 29 March 2015 - 13.50
--------------------------------------------------
කැන්ගරුවන් ද අසීරුතාවට

කැන්ගරුවන් ද අසීරුතාවට පත් කරවමින් නවසීලන්තය පළමු කඩුල්ල හිමි කර ගනී.
කැන්ගරුවෝ  පන්දුවාර 4ක දී  කඩුල්ලකට ලකුණු 18ක්  ක් ලබා සිටී.

Update : Sanday, 29 March 2015 - 13.25
--------------------------------------------------
ලෝක කුසලානයට 184 ක ඉලක්කයක්
ලෝක කුසලාන  ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙනවා.  එහිදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිලට පන්දු වාර 45 ක් අවසානයේ  සියල්ලන් දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 183 ක් පමණයි.

Update : Sanday, 29 March 2015 - 12.25
--------------------------------------------------
නවසින්තය අසීරුතාවක

නවසින්තය බලාපොරොත්තුවන ඉලක්කයකරා ලඟාවීමේ අසීරුතාවක පසුවන බව විදේශ විචාරකයන් පවසයි.
පිතිකරුවන් පන්දුවාර 41 ක් අවසානයේ ලබා ගෙන ඇත්තේ ලකුණු 167 කි. කඩුළු 7යි. 


Update : Sanday, 29 March 2015 - 12.05
--------------------------------------------------
ලෝක කුසලානය අභිමුව

නවසීලන්තය අවසන් මහ තරගයකට  සුදුසුකම් ලබා ඇත්තේ වසර  40 කට පසුවයි. ඒ  පළමු වතාවට ලෝක කුසලානයක අභිමන ලබා ගන්නටය.
කෙසේ වෙතත් මේ වනවිට පන්දු වාර 27 ක් හමාරය. කඩුළු 3 ක් දැවී ගොසිනි. ලකුණු 108යි.

Update : Sanday, 29 March 2015 - 11.00
--------------------------------------------------

නවසීලන්තය 66/4 (20)
නවසීලන්තය  පන්දුවාර 20 ක් අවසන ලකුණු 66 ට කඩුළු 4යි.
මේ ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්ගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගයතරගයයි.

Update : Sanday, 29 March 2015 - 10.31
--------------------------------------------------
තරගයේ පාලනය  ඕස්ට්‍රේලියානුවන් යටතට

බ්‍රෙන්ඩන් මැකලම්ට ලකුණු ලබාගන්නට අවසර නොදී පන්දු 3 ක් ඇතුළත දවාගැනීමට සමත් වුයේ  මිචෙල් ස්ටාක්. මේ වන විට තරගයේ පාලනය  ඕස්ට්‍රේලියානුවන් යටතට ගෙන ඇත.  පළමු ඕවර 15 දී නවසීලන්තය කඩුළු 3 ට  ලකුණු 47යි .

Update : Sanday, 29 March 2015 - 09:55
--------------------------------------------------
ලකුණු 1ට නවසීලන්ත පළමුවැනියා ඉවතට

2015 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ මුලින්  පන්දුවට පහර දෙන නවසීලන්තයේ පළමු කඩුල්ල ලකුණු 1ක් ලබා තිබියදී පළමු පන්දු වාරයේදීම දැවී ගියා. දැවී ගියේ නායක බ්‍රෙන්ඩන් මැකලම්.

Update : Sanday, 29 March 2015 - 09:05
--------------------------------------------------
ලෝක කුසලාන අවසන් ගැටුමේ කාසියේ වාසිය නවසීලන්තයට
ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.    ඕස්ට්‍රේලියාවේ - මෙල්බන් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය උරගා බැලීම මීට සුළු මොහොතකට පෙර සිදුකෙරුණා. ඒ අනුව මුලින් පන්දුවට පහරදීමට නවසීලන්තය සූදානම්.