පාකිස්ථාන - බංග්ලාදේශ විස්සයි විස්ස තරඟය අද

Friday, 24 April 2015 - 13:26

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+-+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක පාකිස්ථාන පිල සහ බංග්ලාදේශය අතර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය මීර්පූර් හිදී අද (24) පැවැත්වෙනවා. බංග්ලාදේශය මෙම තරඟයට පිවිසෙන්නේ පාකිස්ථානය සමඟ පැවති එක්දින තරඟාවලිය 3 ට 0ක් ලෙස ජයග්‍රහණය කරමින්. පාකිස්ථානය, බංග්ලාදේශයේ පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 12 කින් මීට පෙර ජයග්‍රහණය කර තිබෙනවා. එහෙත්, බංග්ලාදේශය එහිදී එකම තරඟයක් හෝ ජයගෙන නැහැ. කෙසේ නමුත්, එක්දින තරඟාවලියේ දී ලද සාර්ථකත්වය හේතුවෙන් බංග්ලාදේශය අද තරඟයේදී පෙරමුණට පැමිණිය හැකි බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි. බංග්ලාදේශයට එරෙහිව පාකිස්ථාන විස්සයි විස්ස පිල මෙහෙයවනු ලබන්නේ ෂහිඞ් අෆ්රිඩි විසින්.