ලන්ඩන් මැරතන් එකේදී අනුරාධගෙන් වාර්තාවක්

Monday, 27 April 2015 - 13:45

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් ලන්ඩන් මැරතන් තරඟයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ඊයේ සමත්වුණා. ඔහු මෙලෙස අලූත් කරනු ලැබුවේ මැරතන් තරඟ ඉසව්ව සම්බන්ධයෙන් පැවති වසර 40 ක් පැරණි වාර්තාවයි.

1975 දී ජපානයේ ෆුකු ඕකා මැරතන් තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ එස්.එල්.බී. රෝසා පැය දෙකයි විනාඩි 14 යි තත්පර 42 කින් තරඟය නිම කරමින් තැබූ වාර්තාව අනුරාධ ඉන්ද්‍රජිත් ඊයේ අලූත් කරනු ලැබුවේ පැය 2 යි විනාඩි 13 යි තත්පර 47 කදී තරඟය නිම කරමින්.  ලන්ඩන් මැරතන් තරඟයේදී මොහුට හිමිවූයේ 14 වන ස්ථානයයි.