ජගත් පාපන්දු බලධාරින් අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවට දොස්

Thursday, 28 May 2015 - 15:11

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A
ලෝක කුසලාන තරඟාවලිවල සත්කාරකත්වය ලබාදීම සඳහා අල්ලස් ලබාදීම ඇතුලූ දූෂණ චෝදනා මත ජගත් පාපන්දු සම්මේලනයේ නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව ඇමරිකානු අධිකරණයක් මගින් නඩු පැවරීම ගැන රුසියාව උදහස පළ කර තිබෙනවා. මෙලෙස චෝදනා එල්ලවූ ජගත් පාපන්දු බලධාරින් හත්දෙනෙකු ස්විට්සර්ලන්තයේදී අත්අඩංගුවට ගැනුනා. රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශකයා සඳහන් කළේ මෙය ඇමරිකානු නීතිය නැවතත් දේශසීමාවෙන් ඔබ්බට ක්‍රියාත්මක කරලීමක් බවයි. 2018 වසරේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය හිමිව ඇත්තේ රුසියාවටයි. කෙසේ නමුත්, තමන්ට සැඟවීමට කිසිවක් නොමැති බව රුසියානු ක්‍රීඩා අමාත්‍යවරයා, ජගත් පාපන්දු සම්මේලන විධායක කමිටුවේදී සඳහන් කළා.