සෙප් බ්ලැටර් යළි පාපන්දු මහ පුටුවට

Saturday, 30 May 2015 - 12:26

%E0%B7%83%E0%B7%99%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%90%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට සෙප් බ්ලැටර් යළි තේරී පත්වුණා. ඒ, ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර ඊයේ (29) පැවැති ෆීෆා කොංග්‍රසයේ ඡන්ද විමසීමෙන් අනතුරුවයි. පළමු වටයේදී බ්ලැටර් ඡන්ද 133ක් ලබා ගත් අතර, ඔහුගේ ප්‍රතිවාදී ජෝර්දානයේ අලි බින් අල් හුසේන් කුමරු ලබා ගත්තේ ඡන්ද 73ක් පමණයි. අලි කුමරු දෙවන වටයෙන් ඉවත්වීමත් සමඟ 79 හැවිරිදි බ්ලැටර්, 5 වන වතාවටත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස තේරී පත්වුණා. ජගත් පාපන්දු ක්‍රීඩාවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ අල්ලස් සහ දූෂණ පිළිබඳව ඇමරිකාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති මොහොතකයි ෆීෆා නිළවරණය පැවැත්වුණේ.

ලෝක කුසලාන පාපන්දු තරග සත්කාරකත්වය ලබාදීම සඳහා ජගත් පාපන්දු බලධාරීන් ඩොලර් මිලියන ගණන් අල්ලස් ලබා ගත් බවටයි ඇමරිකාව චෝදනා එල්ල කරන්නේ. ඒ සම්බන්ධයෙන් ජගත් පාපන්දු බලධාරීන් 7 දෙනෙකු ස්විට්සර්ලන්තයේදී පසුගිය බදාදා අත්අඩංගුවට ගැනුණා. අල්ලස් චෝදනා පිළිබඳ වගකීම භාරගෙන ඉල්ලා අස්වන ලෙස බ්ලැටර්ට විවිධ පාර්ශවයන් වෙතින් බලපෑම් එල්ල වී තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ද එලෙස ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කරන අයෙක්. කෙසේ නමුත්, රුසියාව කියා සිටින්නේ ෆීෆා බලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් ඇමරිකාව තම නීතිය දේශසීමාවෙන් ඔබ්බට ගෙන යාමට උත්සාහ කරන බවයි.