බෝල්ට් ආයෙ දිනයි

Friday, 28 August 2015 - 7:57

%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%99+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ඊයේ (27) පැවති මීටර් 200 පිරිමි අවසන් තරඟය ජයග්‍රහණය කිරීමට ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සමත් වුණා. තත්පර 19.55 කින් තරඟය නිමා කිරීමට ඔහු සමත් වූ අතර, ඔහු සමඟ කරට කර තරඟ වැදුණු ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින් තරඟය නිමා කළේ තත්පර 19.74 කින්. මෙම තරඟාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ පළමු ස්ථානයද උසේන් බෝල්ට් විසින් හිමිකර ගනිද්දී, එහි දෙවන ස්ථානය හිමිවුණේ ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින්ටයි. තරඟාවලියේ මීටර් 100 සහය දිවීමේ තරඟ ඉසව්ව මීළඟට පැවැත්වීමට නියමිත අතර, එහිදී ඇමරිකානු කණ්ඩායම සහ ජැමෙයිකානු කණ්ඩායම අතර උණුසුම් තරඟයක් පැවැත්වෙනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.