පාසල් මළල ක්‍රීඩා තරඟාවලියේ නව වාර්තා දෙකක්

Friday, 09 October 2015 - 9:03

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරඟාවලියේ නව වාර්තා දෙකක් ඊයේ (08) බිහිවුණා. 1994 වසරේදී කොළඹ කාන්තා විද්‍යාලයේ දමයන්ති දර්ශා සහ 2006 වසරේදී මාදම්පේ සේනානායක මහ විදුහලේ චන්ද්‍රිකා සුභාෂිණී පිහිටුවා තිබූ වයස අවුරුදු 21 න් පහළ මීටර් 200 කාන්තා ධාවන වාර්තාව ඊයේ මෙලෙස බිඳ වැටුණු පළමු වාර්තාවයි. ඔවුන් ඉසව්ව සඳහා වාර්තා කළ තත්පර 24.7 අභිබවා තත්පර 24.5 කින් ඉසව්ව නිමකර නව වාර්තා පිහිටුවූයේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ රුමේෂිකා රත්නායක ක්‍රීඩිකාවයි.

වයස අවුරුදු 14 න් පහළ මීටර් 200 බාලක ඉසව්වෙන් කොළඹ ගේට්වේ විද්‍යාලයේ ආසිරි විජේසේකර 2013 වසරේ තැබූ වාර්තාව බිඳ හෙළමින් තත්පර 23.27 ක නව වාර්තාවක් පිහිටුවීමට කඩවත කිරිල්ලවල මහා විද්‍යාලයේ ප්‍රමෝද් පී‍්‍රතිමත් සමත් වුණා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ අවසන් අදියර ලෙසයි.