සංගක්කාරගේ ඩයිනමයිට්ස් පරදී

Wednesday, 25 November 2015 - 19:39

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A9%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
බංග්ලාදේශ පී‍්‍රමියර් ලීග් තරඟාවලියේ කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමඟ අද පැවති තරඟය ලකුණු 69 කින් ජයගැනීමට රන්ග්පූර් රයිඩර්ස්  කණ්ඩායම සමත් වුණා. තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් රන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුළු 06 ක් දැවී ලකුණු 176 ක් ලබා ගත් අතර, එහිදී තිසර පෙරේරා පන්දු 20 කදී ලකුණු 27 ක් රැස්කර ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 04 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 107 ක් පමණයි. කුමාර් සංගක්කාර ලකුණු 29 යි. තිසර පෙරේරා ලකුණු 25 කට කඩුළු 03 ක් බිඳ හෙළුවා.