ශ්‍රී ලංකාවෙන් නව වාර්තාවක්

Sunday, 07 February 2016 - 20:42

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 200 පසුපස ආර පිහිනුම් තරඟයේදී නව තරඟ වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා කිමිකෝ රහීම් අද (07)සමත් වුණා.

මේ අතර, ඉන්දියාව පෙරමුණේ පසුවන දකුණු ආසියානු ක්‍රීඩා උළේලේ ශ්‍රී ලංකාව මේ වන විට පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 15ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගනිමින්.