ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දෙවන තැනට

Monday, 08 February 2016 - 7:52

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7
ඉන්දියාවේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 8ක්, රිදී 18ක් සහ ලෝකඩ 14ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා.

තවදුරටත් පෙරමුණේ සිටින ඉන්දීය කණ්ඩායම ලබාගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 30ක්. ඊට අමතරව ඔවුන් රිදී 12ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ලබාගෙන සිටිනවා.

කාන්තා මීටර් 200 පසුපස ආර පිහිනුම් තරඟයේදී නව තරඟ වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා කිමිකෝ රහීම් ඊයේ සමත් වුණා.