19 න් පහළ ලෝක කුසලාන සිහිනය බොඳවේ

Tuesday, 09 February 2016 - 19:12

19+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA++%E0%B6%B6%E0%B7%9C%E0%B6%B3%E0%B7%80%E0%B7%9A
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.

ඒ, ඩකා නුවර අද පැවති අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97කින් පරාජයට පත් කරමින්. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 267 ක් රැස් කළා.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 42 යි පන්දු 4 ක් අවසානයේ සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 170 ක් පමණයි.

මේ අතර  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයද පුනේ හිදී අද පැවැත්වීමට නියමිතයි.