ශ්‍රී ලංකාව T-20 වල දී අඩුම ලකුණුවලට දැවී යයි

Sunday, 14 February 2016 - 22:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+T-20+%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20 තරගාවලිය තරග 2 - 1 ක් ලෙස ජය ගන්නට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.  ඒ අද (14) විශාකාපට්නම් හි දී පැවති  T 20 තෙවන තරඟය කඩුළු 9කින් ජයගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පන්දු යැවීම තෝරාගත්තා. ශ්‍රී ලංකා පිතිකරුවන් තරගය ආරම්භයේ සිටම ප්‍රකට කළ ඉතා අපරීක්ෂාකාරී ක්‍රීඩා විලාශයක්.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු පන්දු වාරයේදීම අෂ්වින්ට ගොදුරු වුණා.

ශ්‍රී ලංකාවේ පළමු පිතිකරුවන් 5 දෙනා නැවත ක්‍රීඩාගාරයට හැරී යනවිට ලකුණු පුවරුවට එක්ව තිබුණේ ලකුණු 21 ක් පමණයි.
 
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රවි චන්ද්‍රන් අෂ්වින් මුල් කඩුළු  5 න් 4 කටම හිමිකම් කීවා.
 
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු දහයේ සීමාව ඉක්මවා යන්නට සමත් වුණේ දසුන් ශානක සහ තිසර පෙරේරා පමණයි.
ශානක ලකුණු 19 ක් ලබා ගත්තා. තිසර පෙරේරා ලකුණු 12 යි.

පන්දුවාර 18 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 82 කට දැවී ගියා.
 
ශ්‍රී ලංකා කණ්ඩායමක් පන්දුවාර 20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙයයි.
 
අෂ්වින් ලකුණු 8 කට කඩුළු  4 ක් බිඳ හෙලුවේ පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින්.
 
කෙසේ වෙතත්, මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය මෙන්ම ඉන්දීය විනිසුරුවන්ගේ දුර්වල තීරණ ද කැපී පෙනුණා.

අද තම මංගල තරගයට ක්‍රීඩා කළ අසේල ගුණරත්නට මෙන්ම සචිත්‍ර සේනානායකට ද තම කඩුලු අහිමි වුණේ දුර්වල විනිසුරු තීරණ හේතුවෙන්.

\"\" \"\"