එකක් ගත්තොත් හේරත් 300 යි

Friday, 27 May 2016 - 12:44

%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+300+%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය ඩර්හැම් ප්‍රාන්තයේ චෙස්ටර් - ලේ - ස්ට්‍රීට් හිදී අද (27) ආරම්භ වනවා.

පළමු තරගයේදී ඉනිමක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිල එම තරගයේදී නැවත නැගී සිටීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නෙකු වන දුෂ්මන්ත චමීර කායික ආබාධයකට ලක්වීම හේතුවෙන් සුරංග ලක්මාල් බොහෝදුරට මෙම තරගයේදී කණ්ඩායමට එක්වනු ඇති.

තවත් එක් කඩුල්ලක් ලබා ගතහොත් ශ්‍රී ලංකා පිලේ රංගන  හේරත්ට කඩුලූ 300 ලබා ගත් තුන්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමට මෙම තරගයේදී අවස්ථාව සැලසෙනු ඇති.