%E0%B6%B1%E0%B7%9C%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
Wednesday, 15 June 2016 - 8:31
නොනැවතුන ගැටුමේ නවතම කතාව
161

Shares
19,370

Views
ප්‍රංශයේ පැවැත්වෙන යුරෝ 2016 අන්තර් ජාතික පාපන්දු තරඟාවලිය රුසියාවට අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, පසුගිය දා රුසියානු සහ එංගලන්ත ක්‍රීඩාලෝලීන් පිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් සමඟයි.

යුරෝපා පාපන්දු පාලක මණ්ඩලය සදහන් කළේ තවදුරටත් ගැටුම් ඇති කර ගතහොත් රුසියාව මෙම තරගාවලියෙන් ඉවත් කරන බවයි.

එංගලන්තය පසුගිය 11 වන දා රුසියාව සහ එංගලන්තය අතර පැවැති තරඟය ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමඟ ප්‍රේක්ෂකයන් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමඟ රුසියාවට යුරෝ එක්ලක්ෂ දහනව දහසක දඩයක් පනවා තිබෙනවා.

ලොව රටවල් රැසක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් යුරෝ 2016 අන්තර්ජාතික පාපන්දු තරඟාවලිය ජුලි මස 10 වන දා දක්වා පැවැත්වෙනු ඇති.

එම ගැටුම ඇති වූ අයුරු පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE