ලාංකික ක්‍රීඩකයකුට ඔස්ට්‍රේලියාවේ උපදේශණ තනතුරක්

Thursday, 30 June 2016 - 16:21

%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%AB+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරුවකු වන තිලාන් සමරවීර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ උපදේශකවරයකු ලෙසට පත්කරගෙන තිබෙනවා.

ඒ අනුව ජුනි මාසයේ සිට අගෝස්තු දක්වා මාස 3 ක කාලයක් ඔහු එම උපදේශන කටයුතු සිදු කිරීමට නියමිතයි.

ඉදිරියේදී ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ සිදුකරන තරග සංචාරයේදී ද තිලාන් සමරවීර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ උපදේශකයා ලෙසට කටයුතු කරනු ඇති.

ශෝන් මාර්ෂ් / ජැක්සන් බර්ඩ් සහ ඇඩම් වොජස් වෙනුවෙන් තිලාන් සමරවීර උපදේශණ කටයුතු සිදුකරන බවයි ක්‍රිකට් පුවත් සේවාවල දැක්වෙන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තුන්කොන් තරගාවලියට එක්නොවු ක්‍රීඩකයන්ට තමා පුහුණු කටයුතු සිදුකරන බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයා ප්‍රකාශකර තිබෙනවා.