%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8
Saturday, 09 July 2016 - 7:13
ලෝක ශූර ජර්මනිය අසරණ කළ ප්‍රංශ මෙහෙයුම
247

Shares
29,755

Views
යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට සත්කාරක ප්‍රංශය සමත් වුණා.

ඒ, ලෝක ශූර ජර්මනිය ගෝල 2 - 0 ක් ලෙස පරාජය කරමින්.

තරගයේ පළමු අර්ධය නිමාවන විටත් ප්‍රංශ ගෝල 1 - 0 ක් ලෙස පෙරමුණේ පසුවුණා.

ප්‍රංශ කණ්ඩායම ලබාගත් ගෝල 2 හිම හිමිකරුවා වුණේ ග්‍රියේස්මාන්.

ප්‍රංශ කණ්ඩායමක් යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියක අවසන් තරගයකට සුදුසුකම් ලැබු තුන්වන වතාව මෙයයි.

ලබන ඉරිදා පැවත්වෙන අවසන් තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ පෘතුගාල පාපන්දු කණ්ඩායමයි.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE