ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරගය නියමිත වෙලාවට පෙර නවතී

Tuesday, 26 July 2016 - 17:14

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයේ පළමු දිනය නිමාවට පත්වුනා.

නියමිත වේලාවට පෙර අද තරගය අත්හිටුවනු ලැබුවේ වර්ෂාව ඇද හැලීම හේතුවෙන්.

අද දිනයට තරගය නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඔස්ට්‍රේලියා කඩුලු 2 ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 66 ක්.

උස්මන් කවාජා 25 ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 28 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.

ඩේවිඩ් වෝනර් නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

ජෝ බර්න්ස් ලකුණු 3 යි. ශ්‍රී ලංකා පළමු ඉනිම 117 යි. ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ධනංජය ද සිල්වා ලකුණු 24 ක් රැස් කලා.

කුසල් පෙරේරා 20 යි.

දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 15 බැගින් ලබාගත්තා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි මෙම තරගය පැවැත්වෙන්නේ.

\"\" \"\"