පාපන්දු රන් පදක්කම බ්‍රසීලයට

Sunday, 21 August 2016 - 7:47

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
පාපන්දු ක්‍රීඩාවෙන් විස්කම් ප්‍රදර්ශනය කළ බ්‍රසීලය මෙවර තම සත්කාරකත්වය සපයන රියෝ ඔලිම්පික් උළෙලේදී පාපන්දු රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඔවුන් මෙලෙස ප්‍රථම වරට ඔලිම්පික් පාපන්දු රන් පදක්කම ජයග්‍රහණය කළේ ජර්මනිය දඬුවම් පහරවලින් 5 ට 4 ක් ලෙස පරාජයට පත් කරමින්.

මීට පෙර ඔවුන් 1984, 1988 සහ 2012 ඔලිම්පික් පාපන්දු රන් පදක්කම සඳහා පැවති අවසන් තරඟවලදී පරාජයට පත්වුණා.

ඔලිම්පික් උළෙලේ ඊයේ පැවති ධාවන තරඟවලදී බ්‍රිතාන්‍යයේ මෝ ෆාරා මීටර් 5000 සහ දසදහස රන් පදක්කම් යළි ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඔලිම්පික් උළෙල දෙකකදී එම දස්කම දැක්වු දෙවන ක්‍රීඩකයා ඔහුයි.