ශ්‍රී ලංකා වාර්තාව බේරෙයි

Sunday, 28 August 2016 - 8:29

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ - ෆ්ලොරිඩා හි ඊයේ (27) පැවති පළවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් ඉන්දියාව පරදවා එක් ලකුණක තියුණු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් වුණා.

මෙම වාර්තාගත තරගයේදී කොදෙව්වන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 245 ක් රැස් කළා.

එවින් ලුවිස් එහිදී පන්දු 49 කින් ශතකයක් රැස් කළේ 6 පහර 9 ක් ද සමඟින්.

ජොන්සන් චාල්ස් ලකුණු 79 යි.

ඉන්දීය පිලට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 244 ක් පමණයි.

ලෝකේෂ් රාහුල් ඉන්දියාව වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 110 ක් රැස් කළ අතර, රෝහිත් ශර්මා ලකුණු 62 ක් ලබා ගත්තා.

මෙම තරගයේදී දෙපිලම ලකුණු 489 ක් රැස් කළ අතර, එය විස්සයි විස්ස තරගයකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා.

මෙම තරඟයේදී 6 පහර 32 ක් එල්ල කෙරුණු අතර එය ද, විස්සයි විස්ස තරග සඳහා නව වාර්තාවක්.

කෙසේ නමුත්, කෙන්යාව සමඟ පැවති විස්සයි විස්ස තරඟයකදී ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 260 ක වාර්තාව බිදලීමට කණ්ඩායම් දෙකම සමත් වූයේ නැහැ.

මේ අතර, පාකිස්ථාන පිල සමඟ ලන්ඩනයේ - ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවති දෙවන එක්දින තරගයෙන් එංගලන්තය ඊයේ කඩුලු 4 ක ජයක් අත්කර ගත්තා.

පාකිස්ථානය පන්දුවාර 49 යි පන්දු 5 කදී ලකුණු 251 ක් රැස් කළ අතර, එංගලන්තය පන්දුවාර 47 යි පන්දු 3 කදී කඩුලු 6ක් දැවී ලකුණු 255 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තා.


\"\" \"\"