මැතිව්ස් පිටියෙන් ඉවත්වෙයි

Wednesday, 31 August 2016 - 16:51

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන හතරවන එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වු ඇන්ජෙලෝ මැතිව්ස් පිටියෙන් ඉවත්වුනා.

ඔහු ඒ වන විට ලබාසිටි ලකුණු සංඛ්‍යාව 28 ක්.

මැතිව්ස් වෙනුවෙන් ඇන්ජෙලෝ පෙරේරා පිටියට පැමිණ තිබෙනවා.

මේ අතර ස්කොට් බෝලන්ඩ් යැවු පන්දුවක් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ හිස් ආවරණයේ වැදුනු අතර එහි කොටසක් ගැලවී විසිවී යාම ද සිදුවුනා.

ඒ 12 වන පන්දුවාරයේ 5 වන පන්දුවේදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව මේවන විට කඩුලු 4 ක් දැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 122 ක්.

සිය පළමු එක්දින අර්ධ ශතකය ද ලබාගත් ධනංජය ද සිල්වා ලකුණු 76 කට දැවීගියා.

ඇන්ජෙලෝ පෙරේරා සමගින් කුසල් පෙරේරා පන්දුවට පහරදෙමින් සිටිනවා.
\"\"