%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 04 December 2016 - 7:29
පාපන්දු පිටිය කඳුළින් සේදෙයි
381

Shares
45,780

Views
කොළොම්බියා ගුවන් අනතුරින් මියගිය බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා බ්‍රසීලයේ ෂෙපකොඑන්සි ක්‍රීඩාංගණයේ විශේෂ උත්සවයක් පවත්වා තිබෙනවා.

දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඊට එක්ව සිටි බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

ක්‍රීඩකයන්ගේ මෘත ශරීර රැගත් අවමංගල්‍ය පෙරහැර ෂෙපෙකෝ නගරය හරහා පැමිණ ක්‍රීඩාංගණය වෙත ළගා වුනා.

මෘත ශරීර රැගෙන එන අවස්ථාවේ එම ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ද පතිත වෙමින් තිබුනා.

මෙම අනුස්මරණ උත්සවයට බ්‍රසීල ජනාධිපතිවරයා ද සහභාගී වී තිබෙනවා.

කොළොම්බියාවේ මැඩලීන් නගරය ආසන්න ප්‍රදේශයකදී සිදුවු ගුවන් අනතුරින් යානයේ ගමන් ගත් 71 දෙනෙකු මරණයට පත්වු අතර 6 දෙනෙකු පමණක් දිවි බේරා ගැනීමට සමත්වුනා.

අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

එහෙත් යානය කඩා වැටීමට පෙර එහි ඉන්ධන අවසන් වී ඇති බවටයි මේවන විට අනාවරණ වී ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE