%E0%B6%B8%E0%B7%99%E0%B7%83%E0%B7%93%E0%B6%A7+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA
Wednesday, 14 December 2016 - 11:25
මෙසීට ආදරය කළ හය හැවිරිදි දරුවාගේ සැබෑ වූ සිහිනය
529

Shares
63,564

Views
අජන්ටිනා පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩක Lionel Messi හට ආදරය කරන ඇෆ්ගනිස්ථාන කුඩා දරුවෙක් පිළිබද පසුගිය කාලයේ අන්තර්ජාලයේ පලවූ  ඡායාරූපක් හේතුවෙන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා.

ඒ තම වීරයාගේ අංක 10 සඳහන් ටී ෂර්ටයක්, ඉවත දමන පොලිතින් බෑගයක් යොදා ගනිමින් සකස් කරන ලද ටී ෂර්ටයක් හැඳ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ඡායාරූපක් අන්තර්ජාලය තුල පලවීමත් සමගයි.

පසුගියදා මෙම කුඩා දරුවාට Lionel Messi  මුණ ගැසීමටද අවස්ථා උදාවී ඇති අතර  Lionel Messi මෙම ළමයා හට ඔහුගේ අත්සනින් යුත් අංක 10 සඳහන් ටී ෂර්ටයක් තෑගී වශයෙන් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හය හැවිරිදි Murtaza Ahmadi නම් මෙම දරුවා හට 2022 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදීද  තම වීරයාව මුණගැසීමට  අවස්ථාව සලසා දීමට තරගාවලියේ සංවිධායක මණ්ඩලය අවස්ථාව උදාකර දී තිබෙනවා.

වීඩියෝව පහතින් නරඹන්න  






 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE