ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ

Tuesday, 10 January 2017 - 7:25

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D
පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය වෙතින් ඊයේ සම්මාන හිමි කර ගත්තා.

ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයා ලෙස ද සැලකෙන 31 හැවිරිදි රොනාල්ඩෝ, එහිදී ආජන්ටිනා ක්‍රීඩක ලයනල් මෙසී අභිබවා ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම සම්මාන තිළිණ ප්‍රදානය ආරම්භ කළේ මේ වසරේදියි.

ඒ, ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට රන් පාපන්දුව පිරිනැමීමේ තිළිණ ප්‍රදානයෙන් ඉවත් වීමෙන් අනතුරුවයි.

රොනාල්ඩෝ මේ වසරේ රන් පාපන්දුවේ ජයග්‍රාහකයා ද වනවා.

රොනාල්ඩෝ ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා සම්මාන හිමිකර ගත් අවස්ථාව පහතින්.