තෙවන විනිසුරුවරයා පවා අසීරුතාවයට පත් කරමින් රැකගත් සුපිරි උඩ පන්දුව

Monday, 16 January 2017 - 10:03

%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%8B%E0%B6%A9+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරඟය කඩුලු 6කින් ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියාව පන්දු වාර 48 යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 220ක් ලබා ගත් අතර පාකිිස්තාන කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4ක් පමණක් බිඳ වැටී එම සීමාව පසු කර යෑමට සමත් වුණා.

මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මාන් කවාජාගේ දැවීයාම ක්‍රීඩා ලෝලීන්ගේ කතා බහට ලක්වූ කරුණක් බවට පත්වුණේ පාකිිස්තාන ක්‍රීඩක Sharjeel Khan රැකගත් සුපිරි උඩ පන්දුව හේතුවෙන්.

ඕස්ට්‍රේලියානු ඉනිමේ 07 වන පන්දු වාරයේදී උස්මාන් කවාජා විසින් ලබාදෙන උඩ පන්දුව Sharjeel Khan විසින් රැකගන්නේ තීරණයක් ලබා දීමට තෙවන විනිසුරුවරයා පවා අසීරුතාවයට පත් කරමින්.

Sharjeel Khan රැකගත් උඩ පන්දුව ඇතුලු තරඟයේ විශේෂ අවස්ථා පහතින්.