පිටිය මැද පිත්තෙන් ඉන්දියාවම හොල්ලපු දෝනි සහ යුවරාජ්ගේ සුපිරි ප්‍රහාරය මෙන්න

Friday, 20 January 2017 - 12:32

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%B8+%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සංචාරක එංගලන්ත පිල සමඟ පැවති දෙවන එක්දින තරඟයෙන් ද විශිෂ්ඨ ජයක් ලැබීමට ඉන්දියාව ඊයේ (19) සමත් වුණා.

කටක් හිදී ඊයේ පැවති මෙම තරඟයේදී කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස ඉන්දියාවට ආරාධනා කළා.

ඉන්දීය පිල සිය පන්දුවාර 50 තුළදී කඩුලු 6 ක් දැවී ලකුණු 381 ක් රැස් කිරීමට සමත් වුණා.

යුවරාජ් සිං එහිදී ලකුණු 150 ක් රැස් කළ අතර, මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 134 ක් රැස් කළේ 6 පහර 6 ක් ද සමඟින්.

පිළිතුරු වශයෙන් එංගලන්තය සිය පන්දුවාර 50 තුළදී කඩුලු 8 ක් දැවී රැස් කළේ ලකුණු 366 ක් පමණයි.

රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 65 කට කඩුලු 3 ක් බිඳ හෙලුවා.

මෙම තරඟයෙන් ඉන්දීය පිලට ලකුණු 15 ක ජයක් හිමිවූ අතර, පළමු තරඟය ද ජයග්‍රහණය කිරීම නිසා තරඟ 3 කින් යුත්, තරඟාවලියේ ජයග්‍රහණය හිමිවන්නේ ද ඉන්දියාවටයි.

මෙහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ යුවරාජ්ගේ හතරේ පහර 21ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 150කින් හැඩවූ සුපිරි ඉනිම පහතින්.



හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 134ක් රැස් කළ දෝනි ගේ ඉනිම පහතින්.



\"\" \"\"