වාර්තාවක් තැබීමේ අරමුණින් සිංහයින් පිටියට

Sunday, 19 February 2017 - 7:42

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය වික්ටෝරියා ප්‍රාන්තයේ ගීලොන් හි සිමන්ඩ්ස් ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.

එය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.50 ට ආරම්භ වීමට නියමිතයි.

පළමු විස්සයි විස්ස තරඟයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පිලට මෙම තරඟය ජයග්‍රහණය කිරීමට හැකිවුවහොත්  ඕස්ට්‍රේලියාවේදී අඛණ්ඩව විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟාවලි තුනක් ජය ගැනීමේ වාර්තාවක් සටහන් කිරීමට හැකියාව ලැබෙනවා.

මෙම ක්‍රීඩාංගණයේදී  ඕස්ට්‍රේලියානු පිල ජාත්‍යන්තර තරඟයකට සහභාගිවන ප්‍රථම අවස්ථාවද මෙයයි.