ලාහෝර් පිල පරදවා කරච්චි කිංග්ස් ජය ලබයි

Sunday, 26 February 2017 - 13:52

%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පාකිස්ථාන සුපර් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී ලාහෝර් පිල පරදවා ජයලැබීමට කරච්චි කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

ලාහෝර් පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු හයක් දැවී ලකුණු 155 ක් රැස් කළ අතර, කරච්චි පිල කඩුලු 5 ක් දැවී ලකුණු 158 ක් ලබමින් තරඟයේ ජය හිමිකරගත්තා.

මේ අතර ඊයේ පැවති තවත් තරඟයකදී ක්වෙටා ග්ලැඩියේටර්ස් පිල පරදවා කඩුලු දෙකක ජයක් ලැබීමට පේෂාවර් සල්මි පිල සමත්වුණා.

ක්වෙටා පිල ලකුණු 128 කට දැවී ගිය අතර පේෂාවර් කණ්ඩායම විසිවන පන්දු වාරයේදී කඩුලු අටක් දැවී ලකුණු 130 ක් ලබමින් තරඟයේ ජය හිමිකරගත්තා.

එහිදී ජාත්‍යන්තර පිටියෙන් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කර ඇති ෂහීඞ් අෆ්රිඩි පන්දු 23 කදී නොදැවී ලකුණු 45 ක් රැස් කළේ හයේ පහර තුනක් හතරේ පහර තුනක්ද සමඟින්.