බංග්ලාදේශයට එරෙහිවන ශ්‍රී ලංකා පිල මෙන්න

Tuesday, 28 February 2017 - 19:48

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%B1++%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රංගන හේරත්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට වමත් පා දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්ප කුමාරද කැදවා තිබීම විශේෂත්වයක්.

දිනේෂ් චන්දිමාල් / දිමුත් කරුණාරත්න / නිරෝෂන් දික්වැල්ල / උපුල් තරංග / ධනංජය ද සිල්වා / කුසල් මෙන්ඩිස් සහ අසේල ගුණරත්න  ද කණ්ඩායමට ඇතුලත්.

සුරංග ලක්මාල් / ලහිරු කුමාර / නුවන් ප්‍රදීප් / විකුම් සංජය / දිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.