%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+319+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 19 March 2017 - 11:06
ශ්‍රී ලංකා දෙවන ඉනිම 319 කට සීමා වෙයි
34

Shares
4,189

Views
බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 319 කට සීමා කිරීමට බංග්ලාදේශය සමත්වුනා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ බංග්ලාදේශ පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී සිය 4 වන ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට දිල්රුවන් පෙරේරා සමත්වුනා.

ඔහු ලබාගත් ලකුණු 50 ට හතරේ පහර 6 ක් ඇතුලත් වුනා.

සිය පළමු ටෙස්ට් අර්ධ ශතකය අභියසට පැමිණ සිටි සුරංග ලක්මාල් 42 යි.

සුරංග ලක්මාල් වේගවත් ලකුණු රැස් කිරීමක නිරතවු අතර ඔහු ලකුණු 42 ලබාගත්තේ පන්දු 48 කින්. ඊට හතරේ පහර 4 ක් ද ඇතුලත් වුනා.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී දිමුත් කරුණාරත්න ලකුණු 126 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ශකීබ් අල් හසන් කඩුලු 4 ක් සහ මුශ්ෆිකර් රහීම් කඩුලු 3 ක් බිඳහෙලුවා.

මෙම තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශය දෙවන ඉනිමේදී ලකුණු 191 ක් ලබාගත යුතු වනවා.

මෙය බංග්ලාදේශ කණ්ඩායමේ සියවන ජාත්‍යන්තර ටෙස්ට් තරගය බැවින් එය ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මේ අතර මෙම තරගය නැරඹීමට ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට අද නොමිලේ අවස්ථාව හිමිවනවා.

තරගය ඉතා තීරණාත්මක බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ධෛර්යමත්  කිරීම සඳහා පැමිණෙන ලෙසටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටින්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :