%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
Sunday, 19 March 2017 - 16:05
බංග්ලාදේශයට ජය
31

Shares
3,821

Views
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය අද වාර්තා කළා.  

මෙහි විශේෂත්වය වන්නේ මෙම තරගය ඔවුන්ගේ 100 වැනි ටෙස්ට් තරගය වීමයි.

එමෙන්ම වසර 16 කට පසු බංග්ලාදේශ ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග ජයක් ලබාගත් පළමු අවස්ථාවද මෙයවනවා

අද ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩකයින්, කඩුලු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී සීමාව පසු කළා.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩයම සියලු දෙනා දැවී ලකුණු 338 ක් රැස් කළ අතර ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළල බංග්ලාදේශ ක්‍රීඩකයින්ල සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 467 ක්.

තරගය අද 5 වැනි දිනය සඳහා ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 268 ක් රැස් කර ගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 319 ක් රැස් කළා.

ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුලු 2 ලකුණු 22 ක් තුළදී බිඳ වැටුණා.

තමීම් ඉක්බාල් ලකුණු 82 ක් රැස් කළ අතර සෞම්‍ය සාකර් ලකුණු 10 යි.

ශබීර් රහමන් ලකුණු 41 ක් රැස් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE