%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Sunday, 19 March 2017 - 18:20
සුරංග ලක්මාල්ගෙන් වාර්තාවක්
8,488

Views
ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති දෙවන ටෙස්ට් තරඟය අද අවසන් වුයේ බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 04ක ජයක් හිමිකර දෙමින්.

මෙම තරඟය ඉතිහාස පොතට එක් වුයේ බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වූ සිය වන ටෙස්ට් තරඟය ලෙසටයි.

ඊට අමතරව බංග්ලාදේශය ටෙස්ට් තරඟයකදී ශ්‍රී ලංකාව පරාජයකළ ප්‍රථම අවස්ථාවද මෙයයි.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වාර්තාවක් පිහිටු වීමටද සමත් වුණා.

ඒ ටෙස්ට් තරඟයකදී 10වැනි හෝ 11 වැනි පිතිකරු ලෙස පන්දුවට පහර දීමට පැමිණ ඉනිම දෙකේදීම ලකුණු 30ට වඩා රැස් කළ ලොව 05වන පිතිකරු බවට පත්වෙමින්.

සුරංග ලක්මාල් තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 35ක් රැස් කළ අතර ඔහු දෙවන ඉනිමේදී ලකුණු 42ක් රැස් කලේ පන්දු 48කදී.     

මිට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉන්දියානු ක්‍රීඩකයෙක් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් මෙම දක්ෂතාව දක්වා තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE