%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%A0%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
Monday, 20 March 2017 - 20:32
යොවුන් බීච් ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක්
2

Shares
336

Views
ලබන ජුලි 11 වන දා සිට 16 වන දා දක්වා චීනයේ නැංජිං හි පැවැත්වෙන ලෝක යොවුන් බීච් වොලිබෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක් සහභාගි වන බව වොලිබෝල් සම්මේලනය ප්‍රකාශ කළා.

මේ අනුව වයස අවුරුදු 21න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් දෙකක් තරගාවලියට එක්වනු ඇති.

ඔවුන් පසුගිය දා තායිලන්තයේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ලද ජයග්‍රහණය නිසා ලෝක ශූරතාවට සුදුසුකම් ලැබූ බවයි වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ ප්‍රකාශ කළේ.

බීච් වොලිබෝල් ක්‍රීඩාව 1992 වසරේදී මෙරටට හඳුන්වා දෙනු ලැබූ අතර, 2009 වසරේ බංග්ලාදේශයේ පැවැති ආසියා - පැසිෆික් තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථම රිදී පදක්කම හිමි කර ගත්තා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :